දුම්රිය පාර්සල් ප්‍රවාහන කටයුතුවලින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්වූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කලේ දුම්රිය ස්ථාන වල පවතින අධික සේවක හිගය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී දුම්රිය පාලනාධිකාරිය සමග සාකච්ඡා කළද ඉන් කිසිදු විසඳුමක් නොමැති වීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹි බව ඔහු කියාසිටියා.
සුමේධ සෝමරත්න මහතා පැවසුවේ මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 8000 ක් පමණ පවතින බවයි.
දුම්රිය ධාවන කටයුතු සිදුවන ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවේ පමණක් සේවක පුරප්පාඩු 3500 ක් පවතින බවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.